පසුගිය 13 වනදා පස්වරුවේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කළ ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
පාර්ලමේන්තුවේ දී අද (17) අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“ගරු කතානායකතුමනි මෙම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කරලා නැහැ. විශේෂයෙන් ඒ කාලේ යම් යම් අධි ආරක්ෂක කලාප පවත්වාගෙන යන්න ඇති නමුත් දැනට මේ සිද්ධිය සිදධවුණ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි. මේ පිළිබඳව තහවුරු කරලා තියනවා ආරක්ෂක අංශ.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානයට මීටර් 600ක් 700ක් දුරින් ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා තිබෙන බවත්, එය අධි ආරක්ෂක කලාපයක් බව සාමාන්‍ය ජනතාව පවා දන්නා කාරණාවක් බවයි.
තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක් තුළ පසුගිය 13 වනදා මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.



