නිශාන්ත වික්‍රමසිංහට අධිකරණයෙන් ඇප නියම වෙයි (වීඩියෝ)

දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාල් මහත්මිය අද (15) නියෝග කළා.

සැකකරුට මිලියන පහ බැගින් වූ ශරීර ඇප තුනක් සහ රුපියල් පනස්දාහක මුදල් ඇපයක් නියම කෙරුණා.

සිද්ධියට අදාළ සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු අද උදෑසනබන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවා.

2025,06.27 වන දින නාවල ප්‍රදේශයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තා.

සිද්ධියට අදාළ සැකකරුට චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කරනු ලැබුවා.

සිද්ධියට අදාළ විමර්ශනය කටයුතු බොහෝ දුරට අවසන් බැවින් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට කරුණුු දැක්වුවා.

2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම පළමුවන චෝදනාව වනවන අතර 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගින් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම දෙවන චෝදනාව වනවා.

2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම යන චෝදනා තුන යටතේ නඩු පවරා තිබුණා.

සැකකරු වෙනුවෙන් අධිකරණය පෙනී සිටි නීතීඥ සජිත ජයවර්ධන සහ අසේල රැකවල මහතා කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා වයස අවුරුදු අසූවක වයෝවෘද්ධ පුද්ගලයෙක් බවයි.

“ස්වාමීනී මගේ සේවාදායකට බෙහෙත් ටිකක් ගන්නවත් ගෙදරින් තනියෙන් එළියට යන්න බැහැ ඔහුගේ පුතා සහ ලේලි තමයි ඔහුට අවශ්‍ය සියලු දේ කරන්නේ, එතකොට මගේ සේවාදායකයාට මතකය පවා දැන් නැහැ, ඔහු මේ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ ලබා දී තිබෙන්නේ විමර්ශනය ආරම්භ වූ මුල් කාලයේ ලබා දුන් ඔහු ලබා දුන් දිවුරුම් ප්‍රකාශ බලලා, ස්වාමීනී මගේ සේවාදායකයා වකුගඩු හෘදයාබාධ සහිත රෝගී තත්ත්වය පසු අයෙක්. ඒ නිසා සුදුසු ඇප කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා.”

දෙපාර්ශ්වයම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ සැකකරු ඇප මත මුදා හරින ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29