නිවාඩු ආ සැරයන්ගේ සිරුර දින දෙකකට පසු වැවකින් සොයාගෙන (ඡායාරූප)

දින දෙකකට පෙර සිට අතුරුදන්ව සිටි යුද හමුදා සැරයන්වරයකුගේ සිරුර ගල්කිරියාගම – ඉදිගොල්ලාගම වැවේ තිබිය දී සොයාගත් බව පොලීසිය පවසනවා.

මෙම සෙබළාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එලෙස සිදුකර තිබූ පැමිණිල්ලට අනුව ආරම්භ කළ විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු පසුගිය 08 වනදා ගල්කිරියාගම – ඉදිගොල්ලාගම වැවට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම තොරතුරට අනුව කලාවැව පොලිස් ජීවිත ආරක්ෂක ඒකයේ නිලධාරීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සිදුකළ
සොදිසි මෙහෙයුමක දී හමුදා සෙබළාගේ සිරුර වැවේ තිබී අද (10) සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 08 වන කාලතුවක්කු බලඇණියට අනුයුක්තව කිලිනොච්චිය යුද හමුදා කඳවුරක සේවය කරමින් සිටින අතරතුර නිවාඩු ලබා නිවසට පැමිණ සිටි වික්‍රමගේ සමන් කුමාර ජයවීර නමැති 40 හැවිරිදි වියේ පසු වූ සැරයන්වරයෙක්.

සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද සිදුකෙරුණු අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15