spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවාඩු ආ සැරයන්ගේ සිරුර දින දෙකකට පසු වැවකින් සොයාගෙන (ඡායාරූප)

දින දෙකකට පෙර සිට අතුරුදන්ව සිටි යුද හමුදා සැරයන්වරයකුගේ සිරුර ගල්කිරියාගම – ඉදිගොල්ලාගම වැවේ තිබිය දී සොයාගත් බව පොලීසිය පවසනවා.

මෙම සෙබළාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එලෙස සිදුකර තිබූ පැමිණිල්ලට අනුව ආරම්භ කළ විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු පසුගිය 08 වනදා ගල්කිරියාගම – ඉදිගොල්ලාගම වැවට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම තොරතුරට අනුව කලාවැව පොලිස් ජීවිත ආරක්ෂක ඒකයේ නිලධාරීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සිදුකළ
සොදිසි මෙහෙයුමක දී හමුදා සෙබළාගේ සිරුර වැවේ තිබී අද (10) සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 08 වන කාලතුවක්කු බලඇණියට අනුයුක්තව කිලිනොච්චිය යුද හමුදා කඳවුරක සේවය කරමින් සිටින අතරතුර නිවාඩු ලබා නිවසට පැමිණ සිටි වික්‍රමගේ සමන් කුමාර ජයවීර නමැති 40 හැවිරිදි වියේ පසු වූ සැරයන්වරයෙක්.

සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද සිදුකෙරුණු අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?