පොල්පිතිගම පොලිස් වසමේ කිරිබමුණේගම යාය ප්‍රදේශයේ දී වගා ළිඳකට වැටී දරුවෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (08) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10 කැකිරාව, සෙම්බුකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.
මෙම දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස අනාරක්ෂිතව පිහිටි වගා ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
පොල්පිතිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
3
+1
+1



