spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසේ පෙට්රල් බූලිය ඉව කළ 15 හැවිරිදි පාසල් සිසුවිය මරුට

දෙනියාය, කොළවෙනිගම ප්‍රදේශයේ දී 15 හැවිරිදි පාසල් සිසුවියක පෙට්රල් වාෂ්ප ආඝ්‍රාණය වීම හේතුවෙන් මරණයට පත් ව තිබේ.

මිය ගොස් තිබුණේ පල්ලේගම කොළවෙනිගම මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පල්ලෙගම, කොළවෙනිගම, හතමුණහේන පදිංචි 15 හැවිරිදි හේනගම මානගේ චතුරිකා සඳමාලි නමැති පාසල් සිසුවියයි.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී. ඩී. සමරවීර මහතා විසින් පසුගිය 18 දින සිදු කරනු ලැබීය. දැරිය නිවසේ තිබූ පෙට්රල් ගැලුමක් විවෘත කර එයින් පිටවන වාෂ්ප ආඝ්‍රාණය කිරීම හේතුවෙන් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය ඒ වන විටත් මියගොස් තිබුණි.

මියගිය සිසුවිය පුරුද්දක් වශයෙන් පාසල් ගොස් පැමිණ විටත් නිවසේ සිටින විටත් ඇදේ හාන්සි වී කපුරු බෝල නහයට තබා ගෙන එහි සුවඳ ආඝ්‍රාණය කරන බවත් මෙදින පියා, මව සහෝදරයා ඇතුළු පිරිස කුඹුරේ වී වැපිරීම සිදුකරන බැවින් නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේ සිසුවිය පාසල් ගොස් නිවසට පැමිණ පියාගේ යතුරුපැදියට දැමීම සඳහා රැගෙන විත් තිබූ පෙට්රල් ගැලුම ආඝ්‍රාණය කර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

සිසුවියගේ පියා පොලීසියට පවසා ඇත්තේ දියණිය පෙට්රල් පානය කර සිය කාමරයේ ඇඳ මත වැටී සිටී බවටයි. කුඹුරේ වැපිරීම සදහා සිසුවියගේ මව පැළ වී ටික රැගෙන යාම සඳහා නිවසට පැමිණ ඇති අතර පැළ වී ටික ගෝනියට දාල දෙන්න කියා දියණියට කියා ඇතැත් දියණිය කිසිදු ශබ්දයක් නොමැති නිසා කාමරයේ නිදා ගන්නවා ඇත කියා සොයා බැලීමේදී දොරත් ලොක් කරගෙන තිබී ඇත. පසුව සහෝදරයා සොල්දරය උඩට නැඟ බැලීමේදී අක්කා ඇඳ මත වැටී සිටිනු දැක ඇති අතර ඒ බව මවට පවසා ඇත.

පසුව කුඹුරේ සිටී පුද්ගලයකු පැමිණ කාමරයේ සිවිලීමේ ලෑලි ගලවා කාමරයට බැස සිසුවිය රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණත් ඒ වන විටත් පෙට්රල් වාෂ්ප සිරුරට ඇතුළු වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් සිට ඇති බව පොලීසිය පැවැසීය.

දෙනියාය පොලිසිය පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?