නිවසින් පැනගොස් නැවත පැමිණි දැරියන් තිදෙනා මනෝ වෛද්‍යවරයෙක් ඉදිරියට

අතුරුදන් වීමෙන් අනතුරුව යළි නිවෙස්වලට පැමිණි බාලවයස්කාර දැරියන් තිදෙනා මනෝ වෛද්‍ය උපදේශකවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර තිබේ.

අදාළ දැරියන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබාගෙන එය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියම කර ඇත.

එම දැරියන් තිදෙනා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අපරාධමය වරදක් අනාවරණය නොවන බවට කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව අදාළ නඩුව අවසන් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

කෙසෙල්වත්ත පොලිස් වසමේ පදිංදිව සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු හා ඥාති සහෝදරියක අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබු අතර, ඊට අදාළ විමර්ශන සිදුවන අතුරතුර දී එම දැරියන් තිදෙනා යළි සිය නිවෙස්වලට පැමිණ සිටියහ.

අතුරුදන් වූ වයස අවුරුදු 13ක් හා 15ක් වන දැරියන් තිදෙනා නිවසෙන් පැනගොස් තිබුණේ සංගීතය හා බටහිර නර්තනය පුහුණුවීමට සුදුසු ස්ථානයක් සොයා බව හෙළිවිය.

පොලිසියට ප්‍රකාශයක් දුන් ඔවුන් පවසා ඇත්තේ, සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වූ තමන්ට මව්පියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔවුන් එලෙස කළ බවය. 

කොළඹ කෙසෙල්වත්ත, මාටිස් පටුමගේ පදිංචි මව, පියා සහ දැරියන් දෙදෙනෙක් ජීවත්වන නිවසට ගම්පොළ ජීවත් වන මවගේ නැගණිය සහ ඇයගේ දියණිය මීට සතියකට පමණ පෙර පැමිණ තිබුණි.

නමුත් පසුගිය 08 වනදා රාත්‍රියේ 13 සහ 15 හැවිරිදි වියේ පසුවූ දැරියන් තිදෙනා සහ තම ජංගම දුරකථනය අතුරුදන් බවට කෙසෙල්වත්ත නිවසේ පදිංචි දැරියන්ගේ මව කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබුවාය.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ, 08 වනදා පෙරවරු 7.45ට පමණ දැරියන් තිදෙනා කාමරයේ සිටියත්, 8.30 පමණ වන විට ඔවුන් දක්නට නොසිටි බවය.

සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසියට දැරියන් ගමන් බෑග් 3ක් ද රැගෙන නිවස පිහිටි පටුමගේ ගමන් කරන ආකාරය  සොයාගැනීමට හැකිවිය. 

සිද්ධිය සම්බන්ධයෙන් නොවැම්බර් මස 09 කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ පොලිසිය දැරියන් රැගෙන ගිය ජංගම දුරකථනයේ දත්ත ද විශ්ලේෂණය කිරීම ආරම්භ කරනු ලැබීය.

නමුත් එම දැරියන් තිදෙනා නොවැම්බර් 10 වන දින රාත්‍රි 10ට පමණ නැවත නිවසට පැමිණ තිබිණි.

එහිදී කෙසෙල්වත් නිවසේ ජීවත් වූ 13 හැවිරිදි ෆාතිමා කදීරා , ඇයගේ වැඩිමල් සොයුරිය වූ 15 හැවිරිදි ෆාතිමා රක්ෂා මෙන්ම, ගම්පොළ සිට නිවසට පැමිණි ඥාති දියණිය වන 13 හැවිරිදි ෆාතිමා වර්යා ද ප්‍රකාශ ලබා දුන්නෝය.

ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ, තමන් කොරියානු සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වුවත් ඊට වැඩිහිටියන්ගෙන් විරෝධයක් එල්ල වූ බවය. 

පසුව සංගීතය සහ නර්තනය ඉගෙනීම සඳහා නිවසින් පිටව යාමට තීරණය කළ බව ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබුණි. 

ඒ අනුව 8 වැනිදා පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් කොළඹ, පිටකොටුවට එන මොවුන් තමන්ට අවශ්‍ය මුදල් සොයාගෙන ඇත්තේ, රත්‍රං මුදුවක් රුපියල් 64,000කට අලෙවි කරමිනි. 

මුළු සිරුරම වැසෙන ඇඳුම් ඇඳීම වෙනුවට බටහිර පන්නයේ ඇඳුම් ඇඳීමට ආශාවක් දැක්වූ නිසා එම මුදලින් ඇඳුම් මිලදී ගෙන බටහිර සංගීත හා නර්තන පන්තියක් සොයාගැනීම සඳහා ඔවුන් පළමුව ගොස් තිබුණේ වත්තල ප්‍රදේශය ටය.

පසුව ඔවුන් අනුරාධපුරය බලා පිටත්වගොස් තිබුණි.

එම දැරියන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බස් රියදුරෙකු සඳහන් කළේ,

“බස් එක කොළඹින් ගියේ 5.30ට. ළමයි කළු පාට ඇඳුම් ඇඳගෙන හිටියේ. අනුරාධපුරයට ටිකට් ගත්තා. අනුරාධපුරයට ගිහිල්ලා ආයේ කොළඹට යනවා කිව්වා. රෑ වුණා කොළඹ බස් එකකට අපිව දාන්න කිව්වා. රෑ 12.30 ට විතර මන්නාරමේ ඉඳලා එන බස් එකක් ආවා. මම ගිහින් නතර කරලා ළමයි 3 දෙනාව බස් එකට දාලා කොළඹින්ම බස්සන්න. වෙන කොහෙන්වත් බස්සන්න එපා කිව්වා. මෙයාලා කෙසෙල්වත්තෙ කියලා. පස්සේ මම බස් එකටත් කතා කළා. උදේ 7.30ට විතර කොළඹින් බැස්සා කිව්වා.” 

කොළඹ පැමිණි ඔවුන් යළි මහනුවර බලා පිටත්ව ගොස් ඇත්තේ, සුදුසු පන්තියක් සොයාගැනීම සඳහාය. 

එහිදීද පන්තියක් හමුනොවීම නිසා යළිත් කොළඹට පැමිණි ඔවුන් රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා නවාතැන්පොළක් වෙත ගොස් තිබුණි.

දැරියන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, ජාතික හැඳුනුම්පත් නොතිබීම හේතුවෙන් තමන්ව භාරගැනීම එහිදී ප්‍රතික්ෂේප වූ බවය. 

පසුව මොවුන් තිදෙනා රාත්‍රි 10ට පමණ යළි නිවසට පැමිණ තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වහාම ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න
06:31
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:46
Video thumbnail
බලශක්ති ඇමතිව ඉවත් කරන්න සූදානම්..?
06:24
Video thumbnail
කුරුණෑගල තොග වෙළඳ මධ්‍යස්ථානය බලන්න ඇමති වසන්ත යයි
03:24
Video thumbnail
අලි සබ්රි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:33
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27