නිවසට ආ කතුන් තිදෙනෙක් දෙදරු මවට පහර දී දිගු වරලස කපා රැගෙන ගිහින්

දෙදරු මවකට පහර දී ඇයගේ දිගු වරලස කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනියම් ඇසුරක් පිළිබදව ඇති වූ සැකයක් හේතුවෙන් මෙම දෙදරු මවට පහර දී ඇයගේ කොණ්ඩය මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු මවක් වන අතර, ඇයගේ ස්වාමිපුරුෂයා බහුදින යාත්‍රාවක සේවය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

පසුගිය 08 වනදා රාත්‍රියේ කාන්තාවන් තිදෙනෙකු ඇයගේ නිවසට පැමිණ මෙම කාන්තාවට පහර දී අනතුරුව රැගෙන ආ කතුරකින් දිගු කොණ්ඩය කපාදමා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස කපාදැමූ කොණ්ඩය සැකකාරියන් තිදෙනා විසින් රැගෙන ගොස් ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පහරදීම පැමිණි කතුන් තිදෙනාගෙන් ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවගේ සැමියා සමඟ පහරකෑමට ලක්වූ කාන්තාව අනියම් ඇසුරක් පවත්වන බවට
ඇති වූ සැකයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

පහරකෑමට ලක්වූ කාන්තාව ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?