නිවසට ආ කතුන් තිදෙනෙක් දෙදරු මවට පහර දී දිගු වරලස කපා රැගෙන ගිහින්

දෙදරු මවකට පහර දී ඇයගේ දිගු වරලස කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනියම් ඇසුරක් පිළිබදව ඇති වූ සැකයක් හේතුවෙන් මෙම දෙදරු මවට පහර දී ඇයගේ කොණ්ඩය මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු මවක් වන අතර, ඇයගේ ස්වාමිපුරුෂයා බහුදින යාත්‍රාවක සේවය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

පසුගිය 08 වනදා රාත්‍රියේ කාන්තාවන් තිදෙනෙකු ඇයගේ නිවසට පැමිණ මෙම කාන්තාවට පහර දී අනතුරුව රැගෙන ආ කතුරකින් දිගු කොණ්ඩය කපාදමා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස කපාදැමූ කොණ්ඩය සැකකාරියන් තිදෙනා විසින් රැගෙන ගොස් ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පහරදීම පැමිණි කතුන් තිදෙනාගෙන් ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවගේ සැමියා සමඟ පහරකෑමට ලක්වූ කාන්තාව අනියම් ඇසුරක් පවත්වන බවට
ඇති වූ සැකයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

පහරකෑමට ලක්වූ කාන්තාව ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16