AFC Banner
Empty Ad
Empty Ad

නිල නිවසක් තුළ මැණික් ගැරූ හතරක් මාට්ටු

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස තුළ අනවසරෙන් මැණික් ගරමින් සිටි ක්ෂේත්‍ර නිලධාරියා ඇතුළු හතර දෙනෙක් ත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සහ නොර්වුඩ් පොලිසියේ නිලධාරින් එක්ව අද (02) අලුයම මේං අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කාසල්රි ජලාශයට එම වතුයායේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් ආසන්නයේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස පිහිටා ඇති අතර,එම නිල නිවසේ නිදන කාමරයක අඩි 30 ක් පමණ ගැඹුරු වළක් හාරා මෙම මැණික් ගැරීම සිදුකර තිබෙනවා.

ඉල්ලම් සහිත පස් ගොඩගෙන එම පස් නිවස තුළ දී කාලයක සිටසෝදා ඇති බවටයි පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බලංගොඩ , බගවන්තලාව සහ නොර්වුඩ් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සිව්දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?