AFC Banner
Empty Ad
Empty Ad

නිලූෂා බාලසූරිය වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් තනතුරට

ආගමන විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිලූෂා බාලසූරිය මහත්මිය පත්කර තිබෙනවා.

ආගමන විගමන පාලකවරයා ලෙස කටයුතු කළ හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පැවතියා.

ඒ අනුවයි ආගමන විගමන පාලක තනතුරේ වැඩ බැලීම ට නිලූෂා බාලසූරිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මේ අතර ජනාධිපති ආර්ථික කටයුතු හා මුදල් කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස දුමින්ද හුලංගමුව මහතා සහ ආචාර්ය ඒ.ඒ.ජේ. ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා.

ඊට අමතරව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එච්.එස්. කේ.ජේ.බණ්ඩාර මහතා පත්කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?