Update – හැටන් බස් අනතුරට හේතුව රථයේ කාර්මික දෝෂයක් (ඡායාරූප)

තිදෙනෙකුට ජීවිත අහිමිකරමින් අද (21) පෙරවරුවේ හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරට හේතුව රථයේ ඇති වූ කාර්මික දෝෂයක් බවට අනාවරණය වී තිබෙනවා.

බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂය හේතුවෙන් එය රියදුරු පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව තිබුණා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්.

අනතුරින් තුවාල ලැබූ 44 දෙනෙක් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් කිහිප දෙනෙක් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සහ මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ අවු 06ක පිරිමි දරුවෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ග⁣ලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39