විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන මහජන අදහස් විමසීම 27 වනදා සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම දෙසැම්බර් 27 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව මෙම මහජන අදහස් විමසීම පළාත් නවයම පුරා සිදුකරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

පළමු මහජන අදහස් ලබාගැනීම මධ්‍යම පළාතෙන් 27 වනදා සිදුකරන අතර, දෙසැම්බර් 31 වනදා ඌව පළාත තුළ සිදුකිරීමට නියමිතයි.

සබරගමුව පළාත තුළ මහජන අදහස් විමසීම ජනවාරි 03 වන දින සිදුකරන අතර, උතුරු මැද පළාත තුළ ජනවාරි 05 වනදා එම අදහස් ලබාගැනීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.

එමෙන්ම උතුරු පළාතේ ජනවාරි මස 06 වන දිනත්, නැගෙනහිර පළාත තුළ ජනවාරි 08 වනදාත් මහජන අදහස් ලබාගැනීමට නියමිත අතර, බස්නාහිර පළාතේ ජනවාරි 10 වනදා සිදුකිරීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිසමේ කෙටුම්පත් යෝජනාව මගින් විදුලි ගාස්තු දළ වශයෙන් 11% කින් අඩු කිරීමක් යෝජනා කරන අතර, 2025 වසරේ පළමු මාස ​​06 සඳහා වත්මන් ගාස්තු අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32