AFC Banner
Empty Ad
Empty Ad

නිලූක කරුණාරත්න ජාත්‍යන්තර පිටියට සමුදෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

වසර 23ක කාලයක් පුරා ජාත්‍යන්තර පදක්කම් 34ක් සහ ජාතික ශූරතා 17ක් ජයග්‍රහණය කළ 38 හැවිරිදි ඔහු තරුණයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණිනින් මෙම තීරණයට එළඹි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

තම ඉවත්වීම පිළිබඳ ඔහු ඔලිම්පික් කමිටු (IOC) මුලස්ථානයේදී දැනුම්දී තිබෙනවා.

නිලුක කරුණාරත්න 2017 වසරේ පැවැති 32 වැනි බ්‍රසීල අන්තර්ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළින්ම රඳවා තැබීමට සමත් වුණේ පිරිමි ඒකල අංශයේ ශූරතාවය තමන් සතුකර ගනිමින්.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ හොඳම ක්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණීමටද නිලුක කරුණාරත්න සමත්ව සිටියා.

නිලූක කරුණාරත්න ජාත්‍යන්තර තරගාවලි රැසක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් මෙරටට දිනා දීමට සමත් වුණා.

ඔහු අවස්ථා තුනකදී ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කර තිබෙනවා.

අම්බලන්ගොඩින් බිහි වූ ජාතික ශුර නිලුක කරුණාරත්නගේ සොහොයුරන් වන දිලුක සහ දිනුක ද බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ දක්ෂතා දක්වමින් සිටිනවා.

නිලුක කරුණාරත්නගේ බාල සොහොයුරු චාමික කරුණාරත්න ක්‍රිකට් ක්‍රිඩාවෙන් ඉදිරියට පැමිණ ජාතික කණ්ඩායම වෙනුවෙන් ද දක්ෂතා දක්වමින් සිටින අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51

?