නිලන්ත ජයවර්ධනව අනිවාර්යය නිවාඩු යවයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්‍යය නිවාඩු යවා තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ මෙම නිවේදනය ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවෙන් සිදු කළා.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම තීරණය බලපානු ලබන්නේ 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනි දින මෙරට ස්ථාන කිහිපයක් එල්ල කරගනිමින් සිදු වූ මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන්.

පොලිස් කොමිෂන් සභාව නිවේදනය කළේ පාස්කු ප්‍රහාරය සිදුවීම සම්බන්ධ ව එවක රාජකාරි කටයුතු කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණ අවසන් වන තුරු ඔහුව අනිවාර්‍යය නිවාඩු යැවීමට කටයුතු කළ බවයි.

පාස්කු ප්‍රහාරය සිදුවන කාල වකවානුවේ දී නිලන්ත ජයවර්ධන මහතා මෙරට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

මීට වසර 05කට පෙර අප්‍රේල් මස 21 වැනි දින ස්ථාන පහක් එල්ල කරගනිමින් සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව ලැබුණු බුද්ධි තොරතුරු එවක සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර හට ලබා දීමට කටයුතු නොකළ බවයි 2021 නොවැම්බර් මස 30 වැනි දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ හෙතෙම ප්‍රකාශ කළේ.

එවකට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා සේ ම මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද නිලන්ත ජයවර්ධන මහතා රාජකාරි කරනු ලැබුවා.

ප්‍රහාරය සිදු වන අවස්ථාවේ විදේශගත වී සිටි එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ අගමැතිවරයාට හා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියට එය බුද්ධි තොරතුරක් ලෙසින් ලබාදීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් වගකීම් විරහිත ලෙස සිය සේවය පැහැර හැරීම යන චෝදනාව ද නිලන්ත ජයවර්ධන හට එල්ල වී තිබෙනවා.

2019 අප්‍රේල් මස 04 වැනි දින රාජ්‍ය බුද්ධි අංශයට විදේශීය බුද්ධි අංශවලින් මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණ ද එය නිශ්චිත බුද්ධි තොරතුරක් දැයි හරියටම අප්‍රේල් මස 21 වැනි දින තෙක් තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි නිලන්ත ජයවර්ධන මහතා එවක උසාවියේ දී නීතිඥවරු එල්ල කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ.

මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාව නිවේදනය කරනු ලැබුවේ; ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කෙරෙන අතර එය නිසි ලෙස අවසන් වන තුරු ඔහුව රාජකාරියෙන් අනිවාර්‍යය නිවාඩු යැවීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?