නිලන්තට එරෙහි ව නීතිමය පියවර ? – පෙත්සමට විරෝධතා ගොනු කරන්නත් අවසර

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ ව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහි ව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද (25) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 9 වන දා තෙක් අධිකරණ විසින් කල් ලබා දුන්නා.

සමාජ හා සාමයක කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් වූ සුරාච් නිලංග යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස එම ප්‍රහාරය පිළිබඳ ව බැලු ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහි ව නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

එබැවින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහි ව නීතිමය ක්‍රියා මාර්ගය ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?