AFC Banner
Empty Ad
Empty Ad

නිර්භීත තීන්දු ගන්න පසුබට වෙන්නේ නෑ – ජනපති

මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතුය. එමෙන්ම ජෛව විවිධත්වය විනාශ වීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහායක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඊයේ (04) පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂිපරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රසාදය පළ කරමින්, ඊට ගෞරව දැක්වීමක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන සිය සමුළුවේ පළමු සහ විශේෂ දේශනය සඳහා ඇරයුම් කළේය.

දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළේය.

කෘතිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණය වීමට තිබූ දිගුකාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

මෙම සංක්‍රාන්තිය අතරතුර මුල් අදියර වලදී ගැටලු පැනනගින බව අපි දනිමු. ගෘහස්ථ නිෂ්පාදනයේ සහ කාබනික විකල්ප සැපයීමේ බාධාවන් මෙන්ම තහනමෙන් පැන නගින අහිතකර මහජන මතවාද ද ඊට ඇතුළත් ය.

කෙසේ වෙතත් නායකයින් වශයෙන් අප මුහුණ දෙන විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතුය. වගකීම් සහිත තීරණවලට එළඹීමේ දී අප පසුබට වන්නේ නම් මෙවැනි අත්‍යාවශ්‍ය මුල පිරීම් සැම විටම සාකච්ඡාවලට පමණක් සීමාවනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාබනික ගොවිතැන සඳහා වූ දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රාජ්‍යයන්හි බහුපාර්ශ්වීය සංවිධානවල, තාක්ෂණික විශේෂඥයින් හා ආයතන මෙන්ම ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?