නිර්භීත තීන්දු ගන්න පසුබට වෙන්නේ නෑ – ජනපති

මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතුය. එමෙන්ම ජෛව විවිධත්වය විනාශ වීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහායක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඊයේ (04) පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂිපරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රසාදය පළ කරමින්, ඊට ගෞරව දැක්වීමක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන සිය සමුළුවේ පළමු සහ විශේෂ දේශනය සඳහා ඇරයුම් කළේය.

දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළේය.

කෘතිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණය වීමට තිබූ දිගුකාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

මෙම සංක්‍රාන්තිය අතරතුර මුල් අදියර වලදී ගැටලු පැනනගින බව අපි දනිමු. ගෘහස්ථ නිෂ්පාදනයේ සහ කාබනික විකල්ප සැපයීමේ බාධාවන් මෙන්ම තහනමෙන් පැන නගින අහිතකර මහජන මතවාද ද ඊට ඇතුළත් ය.

කෙසේ වෙතත් නායකයින් වශයෙන් අප මුහුණ දෙන විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතුය. වගකීම් සහිත තීරණවලට එළඹීමේ දී අප පසුබට වන්නේ නම් මෙවැනි අත්‍යාවශ්‍ය මුල පිරීම් සැම විටම සාකච්ඡාවලට පමණක් සීමාවනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාබනික ගොවිතැන සඳහා වූ දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රාජ්‍යයන්හි බහුපාර්ශ්වීය සංවිධානවල, තාක්ෂණික විශේෂඥයින් හා ආයතන මෙන්ම ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය

  1. නිර්බීත තීන්දු අරගන පොඩි ලකුනු ටිකක් දාගෙන හිමිහිට ගැසට් එක රිවස් කරනව. එතකොට අර කටින් හිටවන බතල ටික කාල යන්තම් ගාල් වෙලා ඉන්න හරක් ටික පරිස්සම් කරගන්න පුලුවන් ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15