AFC Banner
Empty Ad
Empty Ad

නියඟයේ වගා හානි අක්කර 45,924 ඉක්මවයි

2023 යල කන්නයේ අද (18) දිනය වන විට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබා දී තිබෙනවා.

ගත වූ පැය 24 තුළ වී, මිරිස්, බඩඉරිඟු, ලොකු ලූණු සහ අර්තාපල් ඇතුළු අනෙකුත් බෝග සම්බන්ධව සිදුවූ වගා හානි නියඟය සහ වන අලි හේතුවෙන් සිදුව ඇති බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924.21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718ක්. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙන් වන අතර එය අක්කර 14,667.75ක්.

මේ අතර වගා හානි සිදු වූ වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340ක්. උඩවලව කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්‍රමාණය 5867ක්.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (17) ගාල්ලේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළේ මෙතෙක් රටේ ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ ගෙවීමට රජයට සිදුවී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?