නියඟයේ වගා හානි අක්කර 45,924 ඉක්මවයි

2023 යල කන්නයේ අද (18) දිනය වන විට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබා දී තිබෙනවා.

ගත වූ පැය 24 තුළ වී, මිරිස්, බඩඉරිඟු, ලොකු ලූණු සහ අර්තාපල් ඇතුළු අනෙකුත් බෝග සම්බන්ධව සිදුවූ වගා හානි නියඟය සහ වන අලි හේතුවෙන් සිදුව ඇති බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924.21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718ක්. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙන් වන අතර එය අක්කර 14,667.75ක්.

මේ අතර වගා හානි සිදු වූ වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340ක්. උඩවලව කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්‍රමාණය 5867ක්.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (17) ගාල්ලේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළේ මෙතෙක් රටේ ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ ගෙවීමට රජයට සිදුවී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38