AFC Banner
Empty Ad
Empty Ad

නිධානයෙන් මතු වූ දඹ රන් තලගොයා

නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන දඹ රනින් නිමකළ තලගොයෙකුගේ ප්‍රතිමාවක්, නිල් මැණික් 3 ක් සහ රුබී මැණිකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ, දඹ රනින් නිමකළ තලගොයි ප්‍රතිමාව කිලෝ 8ක් පමණ බරැති බවත් එය රුපියල් කෝටි 2ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවත්ය.

සැකකරුවන් අතර, හිටපු යුදහමුදා සෙබළෙකු ද සිටින අතර ඔවුන් අවුරුදු 37 සහ 41ක් වයසැති ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව අනාවරණය වී තිබේ.දක්ෂිණ අධිවේගී මාර්ගයේ දියගම උමං මාර්ගය අසල දී අද (21) පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?