නිදහස ජනතා සභාවේ දෙකඩවීමක් – හතරක් සජිත් සමඟ එක්වීමේ සූදානමක්

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේ දී සමගි ජන සන්ධානය සමඟ සකච්ඡා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මීට අමතරව ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පාර්ශ්ව කිහිපයක්ම සමගි ජන සන්ධානය සමඟ එක්වීමට නියමිත බවට ද වාර්තා වනවා.

“ඩලස් පිලෙන් හතරක් සජිත් පිලට” යන ශීර්ෂය යටතේ ලංකාදීප සති අන්ත පුවත්පත දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් හේතුවෙන් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානයට එක්වීමට නියමිත බවයි.

නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිව්දෙනා සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමට නියමිත බව එම පුවත්පත් වාර්තාවේ සදහන්.

මේ පිළිබඳව දසත නිවුස් ආචාර්ය නාලක ගොඩහේවාගෙන් විමසීමක් කළ අතර, ඔහු පැවසුවේ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව මත ඒ පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ආණ්ඩුවෙන් ඉවත් වී වෙනත් පාර්ශවයක් වශයෙන් සමගි ජන සන්ධානය සමඟ එක්වීමේ ඉඩක් පවතින බවයි.

සමගි ජන සන්ධානය හා එක්වීමට නිදහස ජනතා සභාවේ සියලු පාර්ශ්ව කැමැත්තෙන් සිටියද, කිහිපදෙනෙකු පමණක් එක්වීමට නියමිත කාලය පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29