spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස ජනතා සභාවේ දෙකඩවීමක් – හතරක් සජිත් සමඟ එක්වීමේ සූදානමක්

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේ දී සමගි ජන සන්ධානය සමඟ සකච්ඡා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මීට අමතරව ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පාර්ශ්ව කිහිපයක්ම සමගි ජන සන්ධානය සමඟ එක්වීමට නියමිත බවට ද වාර්තා වනවා.

“ඩලස් පිලෙන් හතරක් සජිත් පිලට” යන ශීර්ෂය යටතේ ලංකාදීප සති අන්ත පුවත්පත දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් හේතුවෙන් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානයට එක්වීමට නියමිත බවයි.

නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිව්දෙනා සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමට නියමිත බව එම පුවත්පත් වාර්තාවේ සදහන්.

මේ පිළිබඳව දසත නිවුස් ආචාර්ය නාලක ගොඩහේවාගෙන් විමසීමක් කළ අතර, ඔහු පැවසුවේ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව මත ඒ පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ආණ්ඩුවෙන් ඉවත් වී වෙනත් පාර්ශවයක් වශයෙන් සමගි ජන සන්ධානය සමඟ එක්වීමේ ඉඩක් පවතින බවයි.

සමගි ජන සන්ධානය හා එක්වීමට නිදහස ජනතා සභාවේ සියලු පාර්ශ්ව කැමැත්තෙන් සිටියද, කිහිපදෙනෙකු පමණක් එක්වීමට නියමිත කාලය පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?