නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

තවමත් 29 හැවිරිදි වියේ පසුවන පූරන් සැලකෙන්නේ ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස පිතිකරුවෙකු ලෙසයි.

මෙම ට්‍රිනිඩෑඩියානු ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග 167ක් ක්‍රීඩා කර ඇති අතර,ඔහුගේ මෙම තීරණය ඔහුට ලාභදායී ෆ්‍රැන්චයිස් ලීගවල ක්‍රීඩා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සලසනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසු විවේක ගැනීම සඳහා ඔහු දැනටමත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය මඟ හැර තිබුණා.

ඔහු අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් 2024 දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩා කළ නමුත්, 2023 ජූලි මාසයේ සිට එක්දින තරඟයක් ක්‍රීඩා කර නැහැ.

කෙසේ වෙතත් නිකලස් පූරන් කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ක්‍රීඩා කර නොතිබීම ද විශේෂත්වයක්.

පූරන් යනු කොදෙව් දේශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයාවන අතර, එම තරග සංඛ්‍යාව 106ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26