නිකං තියෙන ඉඩම්වල අපි වවනවා, කැළෑ කපන්නේ නෑ – කෘෂිකර්ම ඇමති

වත්මන් ආණ්ඩුව යටතේ කුඹුරු ගොඩකිරීමට ඉඩනොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ ඊයේ (25) පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ උත්සවයට එක්වෙමිනි.

2021 පුරන් කුඹුරු අස්වද්දන ජාතික මෙහෙවරට සමගාමීව වසර 40ක් පුරන්ව පැවති ගම්පහ දොම්පේ ගල්වලංගොඩ යායේ කුඹුරු අක්කර 140ක් අස්වැද්දීම ඊයේ ආරම්භ කෙරුණි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.

“අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම කුඹුරු පුරවන්න ඉඩ දෙන්නේ නෑ. එහෙම නම් විකල්ප වගාවක් වගා කරන්න ඕනේ. මේ වනාන්තරේ කුඹුරු කැළෑ වෙලා ගිහින්. වනාන්තරය සුද්ද කරලා කුඹුරු කරනවා. ප්‍රවෘත්තිවලට කියයි ද දන්නේ නැහැ කෘෂිකර්ම ඇමති කැළෑ එළි කළා කියලා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එයාලා වගා කරනවාලු. කැළෑ කපනවද නැද්ද කියලා අපි දන්නවාලු. මේවා මේ කොළඹ ඉන්න නෝනලාට දන්නේ නෑ. මේවා NGO වැඩ. නැති බිල්ලො මවන්න හදනවා. අපි කෘෂිකාර්මික රටක්. නිකම් තියෙන ඉඩම්වල අපි වවනවා. අපි කැළෑ කපන්නේ නැහැ. ඉදිරි වසර තුළ කෘෂිකර්ම විප්ලවයකට යනවා. ආහාර ආනයනයට වසරකට බිලියන 250ක් වැය කරනවා.  ආනයන නවත්වලා අපේ රටේ නිෂ්පාදනය කරනවා,” යනුවෙන්  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09