නෑබඩ බියකල හොල්මන

අපි බොහෝ දෙනා හොල්මන් නැතහොත් අවතාර ගැන අහන්න ආසයි. ඒත් දකින්න කැමති නැහැ. ඒ කැමැති නැති නිසා නොවේ. භය නිසා හොල්මන් වැඩිපුරම පෙනෙන්නෙ අඳුර, තනිකම, හුදකලාව ඇති වූ වේලාවටයි. නමුත් දහවලටත් එවැනි දේ දුටු අයත් නැතිව නොවේ.

ප්‍රේතයාගෙයි හොල්මන් වලයි සියුම් වෙනස්කම් තිබෙනවා. හොල්මන් ප්‍රේතයටත් වඩා අහිංසකයි. හොල්මන්වලට කිසිවකුට හිරිහැරයක් කරන්න බැහැ. අපට දර්ශනය වනවා විතරයි. මේ දෙවර්ගයම ඉතාම කෙටිවෙලාවකුත් හෝ වැඩි වේලාවකුත් දර්ශනය කිරීමේ හැකියාව පවතිනවා. වැඩි වශයෙන් ප්‍රේතයා වැඩි වේලාවක් දකින්න බැහැ.

හොල්මන් දර්ශනය වනවා විතරයි. අපව බය කරන්න බැරි උනාට අපි බය වනවා. හොල්මන් ශබ්ද නඟන්නෙ නැති වුණාට ප්‍රේතයා ඔබ්ද නඟනවා. ඔය ප්‍රේත තටුවල අඩුපාඩු පෙන්වන්නේ ප්‍රේත තටු දෙනකොට කියලා අහල තිබෙනව නේද? ප්‍රේතයාව වැඩි පුරම දකින්න හැකිවන්නෙ ප්‍රේතතටු දෙනකොටයි කියලා තමයි ගුප්ත ශාස්ත්‍රයේදී කියවෙන්නේ.

නමුත් කාරණාව වෙන්නේ බොහෝ දෙනාට මේවා අවබෝධය කරගන්ට බැරි වුණාම ඒවා බොරු කියල ඉවතට දමනවා. අපට වටහාගන්න අපහසු බොහෝ දේවල් බොරු කියලා තීරණය කරන්න හොඳ නැහැ. මනුෂ්‍ය වර්ගයාට ඇති ඇස, කණ, නාසය වැනි ඉන්ද්‍රියන්ට නොපෙනෙන, නොවැටහෙන බොහෝ දේවල් මේ විශ්වයේ පවතිනවා.අපිට නොතේරුනා කියන්නේ ඒක බොරුයි කියන එකම නෙමෙයි.

මේ සිද්ධිය සිදු වුනේ 1973 වර්ෂයේ කියලයි මතක දකුණු කලුතර උසාවිය ඉදිරිපිට තිබෙන ලොකු ඔරලෝසු කනුව ඉදිරියෙන් පාරක් තිබෙනවා. “නෑබඩ” ට යන්න. මේ පාරේ තාර කැඩුණ තැන් වැඩියි තාර තිබෙන තැන්වලට වඩා දැන් නම් ජනාකීර්ණ වුණාට ඒ දවස්වල ඉතා පාලුයි. ටවුම නිසා ටිකක් මිනිසුන් හිටියා තමයි. නමුත් ගාලු පාරෙන් දුරස් වන්න වන්න ඉතාම ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වුණා. නෑබඩ බස් එකේ ගිහිල්ලා නාගොඩ රෝහලට යනකං ඉතා ජන ශූන්‍යයි. රෝහලේ දකුණු පැත්තේ මිනී කාමරය තිබූ නිසා රාත්‍රී 6 ට පසුව මිනිස් ගැවසීමක් වුණේ නැහැ. නාගොඩ රෝහලට යන්ට ප්‍රථම තමයි පොලිස් අභ්‍යාස විද්‍යාලය තිබුණේ. ඒ දිනවල අක්කර සිය දහස් ගණනක් ඉඩම තිබුණට ගොඩනැඟිලි ඉතාම ස්වල්පයකට සීමා වුණා.


ඒ දිනවල ඒ නිලධාරීන් රජයේ වාහන පාවිච්චි කළා මිස පයින් ගමනක් නැති තරම් විය. සාමාන්‍ය නිලධාරීන් අඩුම තරමේ මෝටර් සයිකලයක් හෝ පා පැදියක් වත් පාවිච්චි කරන්න වුණා. කොටින්ම කිව්වොත් පාවිච්චි කළ ප්‍රදේශය වටා පයින් ගියොත්, දහවලට කෑම එකක් අරගෙන යන්ට ඕනෑ. මොකද එන්න වෙන්නෙ ඉර අවරට ගියාටත් පසුවට නිසා. ඒ දවස්වල ඇතුළුවන ස්ථානයේ පුංචි කඩ කීපයක් තිබුණා වගේ මතකයි. ඒවා කඩ කියන්නත් බැහැ. මොකටද බඩු ගෙනල්ලා කාටද විකුණන්නේ. බුලත් විට, කමලා බීඩි, සෙයියදු බීඩි තමයි වැඩිපුරම වික්කේ. දවසේ අඳුර වැටෙන කොට වාහන ගමනාගමනයත් නවතිනවා.

ඔය පොලිස් වාහනයක් හැරෙන්න විශේෂයක් තමයි ඒ දවස්වල රාත්‍රියේ පොල් හොරෙක් ඉඳල හිටල හරක් හොරෙක්, කෙසෙල් කැනක් කැපූ හොරෙක් හැරෙන්න වෙනත් හොරු නැහැ. කාගේ ගෙවල් බිඳින්නද. මොනව ගන්නද? ඔක්කොම වගේ එකම පන්තියේ අය. එදා කාල දවස ගත කරන අය හැබැයි ගොවිතැන නම් හරි ජාමෙට කළා.

මී හරක් යොදාගෙන හරි ලස්සනයි. උදේට කුඹුරට බැස්ස ගොවියා යළි එළියට ආවේ හවසට බොහෝ දෙනා ගමන් කළේ පයින්ම තමයි. හිමිදිරියාවේ මිනී කනත්ත පසු කරගෙන ටිකක් ඉදිරියට යනකොට තමයි ඒ පැත්තෙම ජිනානන්ද හාමුදුරුවන්නේ පන්සල හමුවන්නේ. ඔය පන්සලේ නායක හාමුදුරුවන් වන ජිනානන්ද හාමුදුරුවො හරි ගුරුකම් කාරයා. දේහ ලක්ෂණයෙන්ම ඒක වැටහෙනවා. ඒත් උන්වහන්සේ මගේ එක ගුරුවරයෙක්. උන්වහන්සේ ළඟ නියම මන්ත්‍ර තිබුණා. ඒවා කීපයක් මා ළඟ තවමත් තිබෙනවා. මම විවේක ඇති හැම විටෙකම මේ පන්සලට ගොසින් ඔය නායක හාමුදුරුවන්ට එක එක උපස්ථාන කළා. නෑව්වා සමහර අවස්ථාවන්හිදි ‘ඇබිත්තියා’ වැඩෙත් කළා. දානය නැති වුණ දිනවලට අපි දෙන්නා මොනව හරි උයාගෙන කනවා. මේ අතර තුර ටික ටික ශාස්ත්‍රය උගැන්වූවා.

මේ කාලේ දී ගමේ හොරකම් සිදු වුණාම දෙවන පාර්ශ්වයත් සමඟ මේ පන්සලට ඇවිත් තමයි දිවුරන්නේ. නැත්නම් සත්‍ය හෙළිකරන්නේ. බොහොම සරලව නඩු විභාගය කරනවා. වැඩිපුරම දුන් දඬුවම තමයි බෝ මැඩ අතුගා පිරිසුදු කිරීම. දැන් නම් ඒ හාමුදුරුවො අපවත් වෙලා. මේ පන්සලට උඩින් ඒ කිව්වේ අනිත් පැත්තෙ තිබුණෙ අළුවිහාරේ වෙඩි තලාව. වෙඩි තබන දවසට හැම පැත්තෙම රතු කොඩි දමනවා. ඉතින් මිනිසුන් දන්නවා. ඒ කිට්ටුවෙන් වත් යෑම අහිතකර බව. ඉතින් කවුරුත් යන්නෙ නැහැ. ඒ ළඟ තිබුණ කුඹුරේ වැඩ කරන අයත් එදාට වැඩ නැහැ. මොකද වෙඩි තබන හඬ ඔවුන්ට හොඳට ඇසෙනවා. ඉතින් ඔවුන් බයයි.

මේ දවස්වල මට මේ විද්‍යාලයේ කිසියම් අභ්‍යාසයක් සඳහා පුහුණුවකට යන්න වුණා. ඒක පොලිස් මිලිටරි පුහුණුවක්. අපි උදෙන්ම අවදිවන්න ඕනෑ. අලුයම 4 ට උදේ ආහාරයට පාන්, පරිප්පු, සමඟ මස් හෝ මාළු දුන්නා. දැන් වගේ නොවේ. බේකරි පාන් ලොකුයි රසයි. ඒ පරිප්පු පීරිසියේ පරිප්පු ඇට තිබුණා. දැන් පරිප්පු වල ඇට දකින්නවත් නැහැනේ. ඒ දිනවල පුහුණු කාලයේ දී හොඳට බඩ පිරෙන්න කෑම දුන්නා. මනස පිරෙන්න දැනුම දුන්නා.

මේ දිනවල උදේ වරුවේ ඉගෙනීමේ කටයුතු හවස, දිවීම්, පිහිනීම්, සරඹ වැනි දෑ හවස 4 සිට 5.30 වනකං අපි ඉන්න නිවාසය පිරිසුදු කිරීම සිදු වුණා. කම්මැලි කම නිසා ඕනනම් ටිකක් ඇවිදින්න වුණා. ගොඩක් දුර යන්නෙ නැහැ. අතරමං වේවි කියලා බයයි. නමුත් එහෙම වූ අවස්ථාවන්ද තිබුණා. කවුරු හරි සවස 6 ට ප්‍රථම තමුන්ගේ නිවාසයට නාවොත් එයාව සොයන්න රජයේ වාහනයක් එනවා. කීපදෙනෙකුට එහෙම වුණා. එතකොට තදින් අවවාද.

එක එක කරුණු මත එක එක ස්ථානවලට රාතී‍්‍ර මුර සංචාරය ඒ කිව්වේ රාත්‍රී 12 ත් 1 ත් අතර කිරීම නියමයක් වුණා. දවසක් මාගේ නිවාසයත්, මඟුල් මඩුවත් අතර සංචාරය මට පැවරුණා. වේලාව රාත්‍රී 12.10 යි. හොඳට මතකයි.

ඒ අතර මඟ එක්තරා කෙනෙක් කාකි නිල ඇඳුමින් සැරසී 03 රයිපල් වර්ගයේ තුවක්කුවක් ගෙන සරඹ කරනවා. විශේෂය තමයි මේ නිලධාරියාගේ බෙල්ලෙන් උඩ කොටස නැහැ. බෙල්ල නැති හොල්මනක් කාටද භය නොහිතන්නේ නමුත් බය වුණොත් දඬුවම වැඩියි. පසුවදා මේ දර්ශනය එක උසස් නිලධාරියෙකුට දැනුවූවත් ‘හූම්’ යන පිළිතුර තමයි මට ලැබුණේ.
ඒක සරිලන පිළිතුරක් නොවූ නිසා මම නායක හාමුදුරුවන්ගෙන් ඇසූ විට උන්වහන්සේ තමයි කිව්වේ ඒක එක්තරා හොල්මනක් බවත්.
කලක සිට පවතින බවත් සහ කීප දෙනෙක් දැක ඇති බවත් වගේම ඉන් කාටවත් කරදරයක් නොවන බවත්. බලං යනකොට මා ඇතිව කීප දෙනෙක්ම මෙය දැක තිබුණත් මා වගේ නිහඬතාවයම තමයි ඔවුන්ටත් ලැබුණු උත්තරය වෙලා තියෙන්නේ කරලා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22