නැවතත් විදුලි කප්පාදුවක් ?

ඉන්ධන අර්බුදය මැද යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවනවා. ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය ඊයේ (04) දෙවැනි වරටත් වසා දැමුණු අතර, පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙනවා.

කෙසේ වෙතත්, එලෙස පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ අවහිරතාවක් මේ වනවිට මතුව ඇත්තේ පවතින ඩොලර් අර්බුදයත් සමඟයි.

කෙසේ වෙතත්, පසුගිය 03 වැනිදා කොළඹ වරායට ළඟාවූ නෞකාවකින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු මුතුරාජවෙලදී මේ වනවිට ආරම්භ කර ඇති බව අප කළ විමසීමක දී කොළඹ වරායේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා පැවසුවා.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා. අප කළ සොයාබැලීමකදී හෙළිවුණේ, එම බලාගාරවල පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින කිහිපයක් සඳහා පමණක් බවයි.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ මතුව ඇති ඉන්ධන අර්බුදයත් සමඟ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කාර්යබහුල වේලාවලදී විදුලි ඉල්ලු‍ම ඉහළ ගියහොත් පවතින තත්ත්වය මත විදුලි පද්ධතියේ බිඳ වැටීමක් සිදුවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48