නාවික හමුදා මෙහෙයුමක දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරක – එක් ධීවරයෙක් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමක දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් ධීවරයෙක් අතුරුදන්ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ.

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු සිදුකරන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම මෙහෙයුම අතර තුර ඉන්දීය ධීවර යාත්‍රාවක් පළා යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී අදාළ යාත්‍රාව පෙරළීමෙන් අනතුර ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් සිව්දෙනාගෙන් තිදෙනෙක් බේරාගැනීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.

බේරාගැනුණු ධීවරයින් තිදෙනාගෙන් එක් ධීවරයෙක් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අතුරුදන් වූ ධීවරයා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?