නාවික හමුදා මෙහෙයුමක දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරක – එක් ධීවරයෙක් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමක දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් ධීවරයෙක් අතුරුදන්ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ.

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු සිදුකරන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම මෙහෙයුම අතර තුර ඉන්දීය ධීවර යාත්‍රාවක් පළා යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී අදාළ යාත්‍රාව පෙරළීමෙන් අනතුර ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් සිව්දෙනාගෙන් තිදෙනෙක් බේරාගැනීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.

බේරාගැනුණු ධීවරයින් තිදෙනාගෙන් එක් ධීවරයෙක් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අතුරුදන් වූ ධීවරයා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46