AFC Banner
AFC Banner
Empty Ad

නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 12ක් නිදහස්

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයයි ඊයේ මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම ධීවරයින් මාස 18 සිට අවුරුදු 05ක් දක්වා අත්හිටවූ සිර දඬුවමකට යටත්ව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 13 වනදා කරෙයිනගර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වූ ධීවර යාත්‍රා 03ක් මෙම ධීවරයින් 12 දෙනා සමග උතුරු නාවික විධානය විසින් අත්අඩංගුවට ගෙන යාපනය ධීවර හා ජලජ සම්පත් නිලධාරීන්ට භාර දී තිබුණා.

පසුව එම නිලධාරීන් විසින් ධීවරයින් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.

එමෙන්ම ඉන්දීය ධීවරයින්ට කිසිදු ලෙසකින් උතුරු මුහුදු සීමාවට ඇතුල් නොවන ලෙසට ද දැඩි ලෙස අවවාද කර මුදා හැරීමටද යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

නිදහස් කරන ලද ධීවරයින් ඉදිරියේදී යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය හරහා නාවික හමුදාවේ ද සහාය ඇතිව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?