නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 12ක් නිදහස්

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයයි ඊයේ මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම ධීවරයින් මාස 18 සිට අවුරුදු 05ක් දක්වා අත්හිටවූ සිර දඬුවමකට යටත්ව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 13 වනදා කරෙයිනගර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වූ ධීවර යාත්‍රා 03ක් මෙම ධීවරයින් 12 දෙනා සමග උතුරු නාවික විධානය විසින් අත්අඩංගුවට ගෙන යාපනය ධීවර හා ජලජ සම්පත් නිලධාරීන්ට භාර දී තිබුණා.

පසුව එම නිලධාරීන් විසින් ධීවරයින් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.

එමෙන්ම ඉන්දීය ධීවරයින්ට කිසිදු ලෙසකින් උතුරු මුහුදු සීමාවට ඇතුල් නොවන ලෙසට ද දැඩි ලෙස අවවාද කර මුදා හැරීමටද යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

නිදහස් කරන ලද ධීවරයින් ඉදිරියේදී යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය හරහා නාවික හමුදාවේ ද සහාය ඇතිව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48