නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ – නුවරඑළියේ පවුල් 27ක් ඉවත් කෙරේ

මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය – රදැල්ල සමර්සෙට් වතුයායේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එහි පවුල් 27ක සාමාජිකයින් 120ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එම පියවර ගෙන ඇති බවත් එම වතු යායේ එක් කොටසක් නායයෑමකට ද ලක් ව ඇති බවයි.

එලෙස ඉවත් කෙරුණු පවුල් මේ වනවිට (මැයි 30) එම ප්‍රදේශයේ පාසලක නතර කර තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා.

ගාල්ල, කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නායයෑම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?