නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ – නුවරඑළියේ පවුල් 27ක් ඉවත් කෙරේ

මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය – රදැල්ල සමර්සෙට් වතුයායේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එහි පවුල් 27ක සාමාජිකයින් 120ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එම පියවර ගෙන ඇති බවත් එම වතු යායේ එක් කොටසක් නායයෑමකට ද ලක් ව ඇති බවයි.

එලෙස ඉවත් කෙරුණු පවුල් මේ වනවිට (මැයි 30) එම ප්‍රදේශයේ පාසලක නතර කර තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා.

ගාල්ල, කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නායයෑම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25