AFC Banner
Empty Ad
Empty Ad

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වෙත නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම මෙලෙස දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙ කෝරලය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පිටබැද්දර, මුලටියන, අතුරලිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඹ්විට, කෑගල්ල, දැරණියගල, යටියන්තොට,

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, ඇහැළියගොඩ කුරුවිට, කොලොන්න සහ ඉඹුල්පෙ, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශවල ජිවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?