නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ ව නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) අලුයම නිවේදනය කළා.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි වාර්තා වූයේ.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.