නායකයාගේ මහන්සි‍යට ප්‍රතිඵල ගෙන දුන් පන්දු බලඇණිය හමුවේ කැන්ගරුවන්ට පරාජයක්

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පරදවමින් අද (12) ආරම්භ වූ එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 49කින් ජය ගන්නට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව නායක චරිත් අසලංක පළමුව පිතිකරණය තෝරාගත්තා.

නමුත් අසලංකගේ තීරණයට සර්ව සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ට නොහැකි වූ අතර එම වගකීම ද තනියම සිය කරට ගත් ඔහු, විශිෂ්ට ඉනිමක් නිමාවට පත් කළේ ජාත්‍යන්තර එක්දින දිවියේ සිව්වැනි ශතකය ද ලබා ගනිමින්.

නායකයාට සහාය දෙමින් මනා හික්මීමකින් සහ කල්පනාකාරීව පන්දුවට පහර දුන් ක්‍රීඩකයා වන්නේ දුනිත් වෙල්ලාලගේ පමණයි.

වෙල්ලාලගේ ලකුණු 30ක් ලබා ගත්තා.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට නම් ඔස්ට්‍රෙලියා පන්දු බලඇණිය ඉඩ දුන්නේ නැහැ.

දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරණය හේතුවෙන් අද දිනයේ දී ද තරගයේ ජයග්‍රහණයේ බලාපොරොත්තු අවම මට්ටමක තබාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට යම් සැනසිලිදායක ලකුණක් ගෙන දෙන්නට අසලංකට හැකි වුණේ ලකුණු පුවරුව 214ක් දක්වා ඔසවා තබමින්.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් සීන් ඇබොට් කඩුලු තුනක් බිඳ දැමූ අතර ස්පෙන්සර් ජොන්සන්, ආරෝන් හාඩි,නෙතන් එලිස් කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

මැතිව් ශෝට් හට එක් කඩුල්ලක් හිමිවුණා.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම බැලූ බැල්මට හඹා යාම පහසු ඉලක්කයක් ලෙස පෙනුණු ලකුණු 215 ජයග්‍රාහී සීමාව වෙත ගමන් කිරීමට නම් ඔස්ට්‍රෙලියා පිතිකරුවන්ට ඉඩ ලැබුණේ නැහැ.

ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඔස්ට්‍රෙලියා පිතිකරුවන්ගේ ප්‍රවේගකාරී පිතිකරණය අනුකම්පා විරහිතව අක්‍රීය මට්ටමකට ඇද දමන්නට සමත් වුණා.

ඔස්ට්‍රෙලියාවේ මුල් පෙළ කඩුලු 04 ලකුණු 35කට අඩුවෙන් තිබියදී දැවී ගියා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් අද දිනයේ දී වැඩිම ලකුණුලාභියා වූයේ ඇලෙක්ස් කේරි යි.

ඔහු ලකුණු 41ක් ලබා ගත්තා.

ආරොන් හාඩි ලකුණු 32ක් සහ සීන් ඇබොට් ලකුණු 20ක් රැස් කළා.

හාර්ඩි ලකුණු 32ක් ලබා ගත්තා.

අවසානය තෙක් සටන අත්නොහැරි ඇඩම් සම්පා නොදැවී ලකුණු 20යි.

කඩුලු බිඳ දැමීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක්, අසිත ප්‍රනාන්දු සහ වෙල්ලාලගේ කඩුලු දෙකක් සහ එක් කඩුල්ලක් වනිඳු හසරංග සහ පන්දුවෙන් ද දස්කම් පෑ නායක අසලංක විසින් බිඳ දමනු ලැබුවා.

ඒ අනුව සිය මව්බිමේදී ඔස්ට්‍රෙලියාව පරදා 19 වතාවටත් එක්දින තරගයක් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් සටන්කාමී ලකුණු 127ක් සහ පන්දුවෙන් එක් කඩුල්ලක් දවාගත් නායක චරිත් අසලංකට හිමිවුණා.

දෙරට අතර අවසන් එක්දින තරගය එළඹෙන 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16