නාම යෝජනා දෙද්දී දැඩි පොලිස් ආරක්ෂාවක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ ව සිදු කෙරෙන නාම යෝජනා භාරදීම අනිද්දා; එනම් අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 09 සිට 11 දක්වා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කර ඇති බැවින්; ඊට පොලිස් නිලධාරීන් දහසක් සේවයේ යෙදවීමට තීරණය කර තිබෙනවා.

නාම යෝජනා භාරදෙන දිනයේ දී ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් එනු ඇතැයි අපේක්ෂා කරන හෙයින්; එදිනට විශේෂ ‍රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක; නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා අද (13) පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ සමයේදී හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදු වුවහොත් ජනතාවට සහන සැලසීමට විශේෂ ආපදා ඒකකයක් පිහිටුවීමට ද අද තීරණය කෙරුණා.

ජනාධිපතිවරණයට අදාළ ව නාම යෝජනා භාර දීම එළඹෙන අගෝස්තු මස 15 වැනිදා සිදු කෙරෙනවා.

පෙරවරු 09 සිට පෙරවරු 11 තෙක් අදාළ නාම යෝජනා භාර දීම සිදු කෙරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේදීයි.

ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව යොදවන ආකාරය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා අදහස් දැක්වුවා.

මේ අතර ජනාධිපතිවරණ සමයේ දී ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව ද අද සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක් ව සිටියා.

මැතිවරණ සමයේ දී හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් සහන ලබාගැනීමට 117 යන හදිසි ඇමතුම් අංකය සමගින් ජනතාව සම්බන්ධ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවට යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ,
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58