නාම යෝජනා දෙද්දී දැඩි පොලිස් ආරක්ෂාවක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ ව සිදු කෙරෙන නාම යෝජනා භාරදීම අනිද්දා; එනම් අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 09 සිට 11 දක්වා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සූදානම් කර ඇති බැවින්; ඊට පොලිස් නිලධාරීන් දහසක් සේවයේ යෙදවීමට තීරණය කර තිබෙනවා.

නාම යෝජනා භාරදෙන දිනයේ දී ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් එනු ඇතැයි අපේක්ෂා කරන හෙයින්; එදිනට විශේෂ ‍රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක; නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා අද (13) පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ සමයේදී හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදු වුවහොත් ජනතාවට සහන සැලසීමට විශේෂ ආපදා ඒකකයක් පිහිටුවීමට ද අද තීරණය කෙරුණා.

ජනාධිපතිවරණයට අදාළ ව නාම යෝජනා භාර දීම එළඹෙන අගෝස්තු මස 15 වැනිදා සිදු කෙරෙනවා.

පෙරවරු 09 සිට පෙරවරු 11 තෙක් අදාළ නාම යෝජනා භාර දීම සිදු කෙරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේදීයි.

ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව යොදවන ආකාරය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා අදහස් දැක්වුවා.

මේ අතර ජනාධිපතිවරණ සමයේ දී ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව ද අද සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක් ව සිටියා.

මැතිවරණ සමයේ දී හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් සහන ලබාගැනීමට 117 යන හදිසි ඇමතුම් අංකය සමගින් ජනතාව සම්බන්ධ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවට යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ,
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48


?