ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අද (02) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශනවල සඳහන් කර ඇති ඇතැම් වත්කම් පිළිබඳ පරස්පර විරෝධීතාවයක් ඇති බවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම ඔහු වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බවට ද පැමිණිල්ල ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසනවා.
ඒ, අනුව නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශවල පිළිගත නොහැකි ගැටලු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
21
+1
1
+1
1
+1
1
+1
4














