නාමල්ගේ බිරිඳ දරුවා සමඟ රට ගිය පුවතට නාමල්ගෙන් පැහැදිලි කිරිමක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ අද (08) අලුයම ඇයගේ දරුවා සමග සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා.

මේ පිළිබද විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් හුවමාරු වු අතර ඒ පිළිබද අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා

එම සටහන පහතින්

මාගේ බිරිඳ හා ඇගේ පවුලේ අය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරන අතර ඒ අනුව බොහෝවිට ව්‍යාපාරික අවශ්‍යතාවයන් සදහා ගුවන් ගමන් වල යෙදීමට ඇයට හා ඇගේ පවුලේ උදවියට සිදුවනවා. එය මාගේ දේශපාලන ජීවිතය හා කිසිඳු සම්බන්ධක් නොමැති බව ප්‍රකාශ කළ යුතුයි. මාගේ බිරිඳ ඇගේ වෘත්තීමය කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර ඇය වෘත්තීමය අවශ්‍යතාවයකට විදෙස්ගතවීම උණුසුම් පුවතක් ලෙස ජනමාධ්‍ය හුවා දැක්වීම ගැන කණගාටු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?