UPDATE: නාමයෝජනා භාර ගැනීම අවසන් – විරෝධතා ගොනු කිරීමේ කාලයත් නිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ගොනු කිරීමේ කාලය අවසන් වුණා.

අද (20) පස්වරු 1.30ට එම ක්‍රියාවලිය ද අවසන් වූ බවයි වාර්තා වන්නේ.

UPDATE – 1.30 PM


පළාත් පලාන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය මීට ටික වේලාවකට (20) පෙර (මධ්‍යාහ්න 12ට) අවසන් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ කිසිම අපේක්ෂකයෙකු අද දහවල් 12න් පසු නාමයෝජනා භාරදීමට පැමිණීම නොකළ යුතු බවයි.

අද උදෑසන 08.30 සිට දවල් 12 වන තෙක් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාල 25ක් කේන්ද්‍ර කරගනිමින් මෙම නාමයෝජනා භාර දීමේ ක්‍රියාවලිය සිදු වුණා.

එමෙන්ම ඊයේ මධ්‍යාහ්න 12න් පසුව මෙවර පුංචි ඡන්දයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ද අවසන් කෙරුණු අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 3100කට අධික සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

ඡන්දයට ඉදිරිපත් කෙරුණු නාමයෝජනාවලට විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව මේ වනවිට ඇරඹී ඇති අතර ඊට පැය එකහමාරක කාලයක් ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44