AFC Banner
Empty Ad

නාමයෝජනා භාරගැනීම අද පෙරවරුවේ

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බවයි.

එමෙන්ම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති අතර නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?