නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට ඊයේ (20) උපදෙස් ලබාදී තිබෙනවා.
තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවන අය අවශ්‍ය නම් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට අවශ්‍ය සියලු සහය ද ලබා දෙන ලෙසටයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝද රියක සහ වෑන් රථයක ගැටීමෙන් ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.
පොලිසිය සඳහන් කළේ අනතුරින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 51 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ 06 දෙනෙක් සහ අනතුරට මැදි වූ ත්‍රීරෝද රථයක ගමන් කළ අයෙක්.
අනතුරින් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.









