නාට්‍යක් නැටූ හිරුණිකා ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 10 කැඳවීමට නියෝග

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 14 දෙනෙකු වීදි නාට්‍යක් පෙන්වා පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 10 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් එදින නිදහස් චතුරස්‍රයට ගොස් ඇත්තේ රට තුළ සිදුවන කාන්තා හිංසනවලට හා රටේ ආර්ථික අර්බුද හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව වීදි නාට්‍යයක් මගින් රටට ඉදිරිපත් කිරිමට බවත් පොලිසියට බාධා කිරිමට නොවන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල සඳහන් කළා.

කිසිවෙකුට බාධා නොකරමින් ඔවුන්ගේ වීදි නාට්‍ය පෙන්වමින් සිටියත් එක්වරම ඒ තුළට ඇතුළු වූ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන හිංසා කළ බවත් මෙය දේශපාලන පළිගැනිමක් බවත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට පේනවා දුන්නා.

2022-11-14 වන දින කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ටොරින්ටන් චතුරස්‍රය අසල දී වීදි නාට්‍යක් රඟ දැක්විමෙන් පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 14 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් එම නඩුව පවරා තිබෙනවා.

අද (21) දිනයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු සැකකරුවන් සියලු දෙනා අධිකරණයේ පෙනී සිටියා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනී නොසිටියේ අසනිප තත්ත්වයක් හේතුවෙන් බව සඳහන් වෛද්‍ය වාර්තාවක් ද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03