මෙරට ක්‍රියාත්මක වූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ රැසක සුලමුල හෙළි කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගත් චරිතයක් ලෙස සැලකෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් මහතා හට පසුගිය ජනවාරි 17 වැනි දින වනවිට දේශපාලනික ව සහ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ එල්ල වී ඇති දැඩි අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පිළිබඳවයි.
රට තුළ මෙතරම් අපරාධ කල්ලි සාමාජිකයින් නීතියේ රැහැනට කොටුකර ගැනීමට සිය ජීවිතය ද පරදුවට තබා සේවය කළ රංගජීව මහතාට ලබා දුන් සියලු ම ආරක්ෂා ඉවත් කර, ඔහුව නුගේගොඩ පොලිස් මූලස්ථානය වෙත කරන ලද ස්ථාන මාරුවීම වහාම ආපසු කැඳවා තිබෙනවා.
ඒ අනුව රංගජීව මහතා විසින් තමන් මුහුණ දී ඇති වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් දැනුම්දෙමින් ලිඛිත සාක්ෂි සහිත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද වෙන වෙනම ලිපි මගින් දැනුම්දුන්නා.
ඒ තමන්ට ලබා දුන් ස්ථාන මාරුවීම අවලංගු කරමින්, තමන් පෙර සේවය කළ ශ්‍රී ලංකා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත යොමු කරන ලෙස ඉල්ලමින්.
ඉන් අනතුරුව අපට දැනගන්නට ලැබෙන්නේ; රංගජීව මහතාට ලබා දුන් ස්ථාන මාරුවීම ආපසු කැඳවා, එය අහෝසි කරමින් නැවතත් ඔහු ඉල්ලූ පරිදි තිඹිරිගස්යාය පිහිටි ක්ෂේත්‍ර පොලිස් බලකා මූලස්ථානය වෙත අනුයුක්ත කර තිබෙන බවයි.
රටක පොලිස් ප්‍රධානියෙකු දුන් වෘත්තීමය තීන්දුවක් සංශෝධනය කරමින් පරීක්ෂණයක් පවත්වා වෘත්තීය වශයෙන් අසාධාරණයටත්, මානසික හිංසනයටත් ලක් වූ රංගජීව මහතාට ජාතික පොලිස් සේවා කොමිෂන් සභාවෙන් යුක්තිය ඉටු වී ඇති අයුරු දක්නට ලැබෙනවා.
මෙරට ක්‍රියාත්මක වූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ රැසක සුලමුල හෙළි කරගනිමින් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගත් චරිතයක් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව මහතා හැඳින්විය හැකි අතර පසුගියදා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස මිරිහාන පොලිස් ස්ථානයේ සේවය කරන ඒ මහතා දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණදෙන්නේ තමන්ගේ රාජකාරියේ ස්වභාවය අනුව ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව කප්පාදු කිරීම සහ නිල නිවාසය අහිමි වීම හේතුවෙන්.
අදාළ කාරණාව පිළිබඳ ව දැනුම්දෙමින් රංගජීව මහතා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට මෙන් ම ජනාධිපතිවරයා හට ද ලිපියක් යොමුකර තිබෙනවා.
30 වසරකට ආසන්න කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු වන රංගජීව මහතා යනු දරුවන් තිදෙනෙකුගේ පියෙක්.
හෙතෙම 2001 සිට 2018 තෙක් වසර 17ක කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට අනුයුක්ත ව සේවය කරන ලද අතර වැටලීම් ස්ථානාධිපතිවරයා වශයෙන් 05 වසරක් කටයුතු කළ අයෙක්.
මෙරට පළමු වරට 2010 වර්ෂයේ කොළඹ වරායේ දී අත් අඩංගුවට ගත් කන්ටේනර් බහාලුමක අර්තාපල් අතරේ සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 35ක් වැටලීම, කොළඹ වරායේ රේගු බහාලුමක ග්‍රීස් අතර සඟවා තිබුණ හෙරොයින් කිලෝග්‍රෑම් 264ක්, ගාල්ලේ සිට ජාත්‍යන්තර ගැඹුරු මුහුදේ හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් ඇතුළු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් අල්ලා සැකකරුවන්ව අධිකරණය වෙත පමුණුවා දඬුවම් දීමට කටයුතු කළ විශිෂ්ට නිලධාරියෙක්.
එම ජාවාරම්කරුවන් අතර මේ වනවිට 61 දෙනෙකුට ජීවිතාන්තය දක්වා මරණ දඬුවම් හිමි කරදීමට කටයුතු කළ රංගජීව මහතා අද පත්ව ඇත්තේ සිය ජීවිතයට ද දැඩි අවදානමක් මතුව ඇති තත්ත්වයකයි.
තම බිරිඳ සහ දරුවන් තිදෙනාගේ ද ජීවිතයට දැඩි තර්ජනයක් බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් එල්ල වී ඇති පසුබිමක 2017 වර්ෂයේ මැයි මස 09 වැනි දින පිළියන්දල පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තමන් ව සැලසුම්සහගත ව ඝාතනය කිරීමට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලද බවත් එහිදී තම ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් සහ දරුවෙකු ඝාතනය වූ බව ද රංගජීව මහතා පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.
වෙඩික්කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් වෙඩි උණ්ඩ 09ක් වැදී ඉන් වෙඩි උණ්ඩ 03ක් තවමත් ඇත්තේ රංගජීව මහතාගේ පෙනහල්ලේ සිරවීයි.
ඉන් වෙඩි උණ්ඩ 03ක් රංගජීව මහතාගේ පෙනහල්ලේ සිර වී ඇත්තේ ඉවත් කිරීමට නොහැකිවයි.
රට වෙනුවෙන්, රට තුළ ඇති මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීමට පොලිස් නිලධාරියෙකු, ආරක්ෂක අංශ නිලධාරියෙකු ලෙස කළ හැකි සෑම කැප කිරීමක් ම සිය ජීවිතය පරදුවට තබා සිදු කළ මේ මහා විශිෂ්ටයා කුමන්ත්‍රණකාරී ව 2018 වර්ෂයේ දී අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේ ද ඔහුට වැදුණු වෙඩි උණ්ඩවල තුවාල සහ සැත්කම් සුව වීමටත් පෙර යි.
මේ හේතුවෙන් ඔහු මොඩරේට් ඩිප්‍රෙසිව් එපිසොයිඩ් විත් පෝස්‍ට් ට්‍රොමැටික්ට් ස්ට්‍රෙස් ඩිසෝඩර් නමැති රෝගී තත්ත්වයෙන් ද පෙළෙන අතර මාස 06ක් බන්ධනාගාරගත ව සිට ඇප මත නිදහස් වූයේ රංගජීව මහතා ව මෙරට දේශපාලන පාලනාධිකාරියෙන් නැවත මත්ද්‍රව්‍ය කාර්‍යාංසයේ සේවයේ පිහිටුවීමත් සමගින්.
දේශපාලකයෙකුගේ අවශ්‍යතාව මත රංගජීව මහතා ව මත්ද්‍රව්‍ය කාර්‍යාංසයේ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරුවීමක් හිමි වුණා.
එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර හා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මත සිදු වුණ ද එවක පොලිස්පතිවරයා තමන්ගේ සහ තම දරු පවුලේ ආරක්ෂාව තහවුරු කරමින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිල නිවසේ රැඳී සිටීම තහවුරු කර අධිකරණවලට සාක්ෂි ලබාදීමට යන අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙ ආරක්ෂාව සපයන ලෙසට ද නියෝග කර තිබුණා.
කෙසේවෙතත් 2024 දෙසැම්බර් මස අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ ඉල්ලීමක් මත තමන් හා නිලධාරීන් කිහිපදෙනෙකු තාවකාලික ස්ථාන මාරුවීමේ පදනම යටතේ එහි බුද්ධි කොට්ඨාසයේ සේවයට වාර්තා කෙරුණු බවත් අදාළ ලිපියෙහි සඳහන්.
රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වූ හෙරොයින් ජාවාරම සහ පාතාලයේ ක්‍රියාකාරකම් මර්දනයට සහාය ලබාදීම සඳහා රංගජීව මහතා ව එතැන් සිට අනුයුක්ත කෙරුණා.
රංගජීව මහතාගේ පවසන්නේ තම කණ්ඩායම මාස 10ක් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 18ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 අත් අඩංගුවට ගැනීමට එම කාලය තුළ සමත් වූ බවයි.
නමුත් දිගින් දිගටම තමන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජීවිත තර්ජන එල්ල වූ බවත් විදේශගත ව සැඟවී සිටින අජිත් ධර්මපාල සහ සාලිය රණවක යන අය සමාජ මාධ්‍ය කිහිපයක් උපයෝගී කරගෙන විවිධ අසත්‍ය කරුණු සමාජගත කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් ඉල්ලා සිටියේ තමන් ඇතුළු කණ්ඩායම වහාම විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් ද 2024 දෙසැම්බර් මස 07 වැනි දින අජිත් ධර්මපාල නමැත්තා විසින් පළ කරනු ලැබ තිබෙනවා.
කෙසේවෙතත් 2024 දෙසැම්බර් මස 08 වැනි දින උදැසන ස්ථානමාරු වීමක් සම්බන්ධයෙන් සහ එහි පිටපතක් වීඩියෝ එකක් මගින් පළ කරමින් අජිත් ධර්මසේන නමැත්තා විසින් මුදා හරිනු ලැබුවා.
නමුත් ඒ වන තෙක් තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වී නොසිටි බව ද රංගජීව මහතා සඳහන් කර තිබෙනවා.
පසුව පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාසයට පිටව ගිය නිලධාරීන්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නුසුදුසු නිලධාරීන් වශයෙන් නම්කර ස්ථාන මාරුවීම් කෙරුණේ එහි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උත්සාහයන් අදාළ ඉල්ලීම් බවට පත් කරමින්.
ඒ අනුව නියොමාල් රංගජීව මහතා හට ද මාතර ප්‍රදේශයට ස්ථාන මාරුවීමක් ලැබුණා.
මේ සියල්ලම හුදෙක් පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ ඒවා බවත් ඒ වනවිටත් තම නිලධාරී කණ්ඩායම විසින් ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටි නිසා එම ජාවාරම්කරුවන් විසින් ඉතිහාසයේ පළමු වරට අභියාචනාධිකරණයෙන් ” අත් අඩංගුවට නොගැනීමට” රිට් නියෝග තුනක් ද ලබාගත් බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.
නමුත් පසුව රංගජීව මහතාට නියෝග කර ඇත්තේ තමන්ට සහ තම දරු පවුලට ආරක්ෂාකාරී ලෙස ජීවත් වීමට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිල නිවසෙන් එහි අලුත්වැඩියාවක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් 20 වැනි දින ඉවත්වන ලෙසටයි.
තමන්ගේ නිවස පිහිටි කඩුවෙල – කොරතොට ප්‍රදේශය නිතර ම පාතාලයෙන් වෙඩි තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ව ඇති පසුබිමක එය ජීවත් වීමට නුසුදුසු බැවින් රංගජීව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දැනට වසා ඇති ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ම නිවාසයක් තාවකාලික ව ලබාදෙන ලෙසයි.
නමුත් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප වී ඇති අතර එම ඉල්ලීම ම විශේෂ කාර්‍යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ද තම ඉල්ලීම නිර්දේශ කර වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ද එය ද ප්‍රතික්ෂේප කෙරුණා.
තම ජීවිතය සහ දරුවන්ගේ ජීවිතය ද දැඩි අනතුරක ඇති පසුබිමක මේ පිළිබඳ ව වන පැමිණිල්ලක් ද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිදු කර ඇති රංගජීව නෙවමාල් මහතා සඳහන් කරන්නේ නිල නිවාසයත් අහිමි ව කොළඹ සිට කිලෝමීටර් 25ක් පමණ දුර සිට බස් රථයෙන් උදේ – සවස නිරායුධ ව බස් රියෙන් රාජකාරියට පැමිණෙන තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් ව ඇති බවයි.
එබැවින් ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ දැඩි මානසික පීඩනයකට ලක් ව ඇති තමන්ව වෛද්‍ය නිර්දේශ අනුව සිවිල් ඇඳුමින්, අවි රහිත ව සාමාන්‍ය රාජකාරි, රාත්‍රී රාජකාරිවලින් තොරව සිටි ඔහුව නුගේගොඩ කොට්ඨාසය වැනි පොලිස් රාජකාරි කරන ස්ථානයකට කිසිදු පදනමකින් තොර ව ලබා දී ඇති ස්ථාන මාරුවීම අවලංගු කර පෙර තිබූ පොලිස් ආරක්ෂාව තමන් වෙත ලබා දෙන ලෙසයි.
කෙසේවෙතත් තමන්ට හෝ තම දරු පවුලේ සාමාජිකයෙකුට යම්කිසි කරදරයක් වුවහොත් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ශානි අබේසේකර යන නිලධාරීන් සෘජුව වගකිව යුතු බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් මහතා යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
අදාළ ලිපිය ජාතික පොලිස් කොමිෂන් සභාව, ජනාධිපතිවරයා පමණක් නොව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිත්‍ය නියෝජිත, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය, තානාපති නිලධාරීන්, විපක්ෂ නායක ඇතුළු ඉහළ බලධාරීන්ට ද යොමු කර තිබුණා.
දියුණු වෙමින් පවතින රටකට දැඩි පිළිලයක් ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට සිය ජීවිතය ද පරදුවට තැබූ විශිෂ්ට ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ ජීවිතය මේ මොහොතේ ද ඇත්තේ දැඩි අවදානමකය.
එවන් පසුබිමකදියි අදාළ පාර්ශ්ව වෙතින් ලබා දුන් ස්ථාන මාරුවීම ආපසු කැඳවමින් ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව විසින් රංගජීව නියොමාල් මහතා හට වෘත්තීය වශයෙන් ලබාදිය හැකි සහනය මෙලෙස හිමිගන්වා ඇත්තේ.