නව, ශ්‍රී ලංකා තානාපතිවරු හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් (ඡායාරූප)

සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

නව, ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මෙම විශේෂ සාකච්ඡාවක පැවති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 16 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සියලු දෙනා සමඟ මිත්‍රශීලී, නොබැඳි මධ්‍යස්ථ රටක් බවට වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව තානාපතිවරුන්ට උපදෙස් ලබා දුන්නා.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදනය, අපනයනය සහ වේගවත් සංවර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන පරිදි ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් සඳහා කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් ඉල්ලා
සිටියා.

වැඩි ආයෝජන, රැකියා අවස්ථා සහ සංවර්ධන ආධාර ලබා ගැනීම සඳහා විදේශගත ප්‍රජාව සහ ඔවුන්ගේ සංගම් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් සීඝ්‍ර ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනිමින් ආහාර වලින් ස්වයංපෝෂිතවීමට සහ කෘෂිකර්මය, කර්මාන්ත, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් සමඟ මිත්‍ර ජාතීන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිහිටුවන ලද ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන කමිටු සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය ගුණවර්ධන මෙහිදී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?