නව, ශ්‍රී ලංකා තානාපතිවරු හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් (ඡායාරූප)

සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

නව, ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මෙම විශේෂ සාකච්ඡාවක පැවති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 16 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සියලු දෙනා සමඟ මිත්‍රශීලී, නොබැඳි මධ්‍යස්ථ රටක් බවට වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව තානාපතිවරුන්ට උපදෙස් ලබා දුන්නා.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදනය, අපනයනය සහ වේගවත් සංවර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන පරිදි ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් සඳහා කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් ඉල්ලා
සිටියා.

වැඩි ආයෝජන, රැකියා අවස්ථා සහ සංවර්ධන ආධාර ලබා ගැනීම සඳහා විදේශගත ප්‍රජාව සහ ඔවුන්ගේ සංගම් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් සීඝ්‍ර ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනිමින් ආහාර වලින් ස්වයංපෝෂිතවීමට සහ කෘෂිකර්මය, කර්මාන්ත, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් සමඟ මිත්‍ර ජාතීන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිහිටුවන ලද ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන කමිටු සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය ගුණවර්ධන මෙහිදී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20