නව වසරේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කළ සැලසුම අසාර්ථක වූ හේතුව හෙළිවෙයි

සංශෝධිත නව විදුලි ගාස්තු වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදෙන්නේ නම් එදින සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට හැකියාව පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ ජනවාරි පළමුවනාදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට සැලසුම් ඉදිරිපත් කර තිබූ බවයි.

කෙසේවෙතත් ඊට මහජන උපයෝගීතා කොමිසම ඉඩ ලබා නොදුන් බව අමාත්‍යවරයා හෙළි කළා.

එම අනුමැතිය ලබාදෙන්නේ නම් විදුලිය අඛණ්ඩව ලබාදීමට ඇති සැලසුම ක්‍රියාවට නැංවිය හැකි බවයි කංචන විජේසේකර කියාසිටියේ.

විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව විදුලිය සපයා දීමට හැකියාව තිබියදී ඔවුන් එලෙස ක්‍රියා නොකරන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවත් එය සම්පුර්ණයෙන් අසත්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් ක්‍රියාකරන ආකාරයෙන් මුළු රටම බිත්තියට හේත්තු කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා.

මේ දක්වා විදුලිබල මණ්ඩලයට ලබා දෙනු ලබන ඉන්ධන සඳහා එම මණ්ඩලය විසින් බිලියන 112ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සෑම විටම ප්‍රකාශකර ඇත්තේ තමාගේ පෞද්ගලික මතය වන අතර කොමිසමේ මතය නොවන බවට ද බලශක්ති අමාත්‍යවරයා චෝදනා කරනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන අතර මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාව අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු වාර්තා කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එම සාකච්ඡාවට සහභාගී වූ මණ්ඩලයේ අතිරේක ලේකම්වරයා තමාට දැනුම් දුන් කරුණු පිළිබඳව ද මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර පැහැදිළි කළා.

මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවේදී සිදුවූ කටයුතු නිසා තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වූ බවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුම්දී ඇතැයි ද අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට නියෝගයක් ලබාදීමට මානව හිමිකම් කොමිසමට හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.

මාර්තු 9 මැතිවරණය ඉලක්ක කර ගනිමින් විදුලි කප්පාදුවක් පමණක් නොව ඉන්ධන පෝලිමක් නිර්මාණය කිරීමට ද ජනක රත්නායකට අවශ්‍යතාව පවතින බවට සැකයක් මතුවන බවටයි අමාත්‍යවරයා කියාසිටියේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හෙලිකොප්ටරයෙන් හෝ දුරකතනය නියෝජනය කරන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමේ සැලසුමක් පවතින බවට ද කංචන විජේසේකර හෙළි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?