නව වසරේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කළ සැලසුම අසාර්ථක වූ හේතුව හෙළිවෙයි

සංශෝධිත නව විදුලි ගාස්තු වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදෙන්නේ නම් එදින සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට හැකියාව පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ ජනවාරි පළමුවනාදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට සැලසුම් ඉදිරිපත් කර තිබූ බවයි.

කෙසේවෙතත් ඊට මහජන උපයෝගීතා කොමිසම ඉඩ ලබා නොදුන් බව අමාත්‍යවරයා හෙළි කළා.

එම අනුමැතිය ලබාදෙන්නේ නම් විදුලිය අඛණ්ඩව ලබාදීමට ඇති සැලසුම ක්‍රියාවට නැංවිය හැකි බවයි කංචන විජේසේකර කියාසිටියේ.

විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව විදුලිය සපයා දීමට හැකියාව තිබියදී ඔවුන් එලෙස ක්‍රියා නොකරන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවත් එය සම්පුර්ණයෙන් අසත්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් ක්‍රියාකරන ආකාරයෙන් මුළු රටම බිත්තියට හේත්තු කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළා.

මේ දක්වා විදුලිබල මණ්ඩලයට ලබා දෙනු ලබන ඉන්ධන සඳහා එම මණ්ඩලය විසින් බිලියන 112ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සෑම විටම ප්‍රකාශකර ඇත්තේ තමාගේ පෞද්ගලික මතය වන අතර කොමිසමේ මතය නොවන බවට ද බලශක්ති අමාත්‍යවරයා චෝදනා කරනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන අතර මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාව අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු වාර්තා කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එම සාකච්ඡාවට සහභාගී වූ මණ්ඩලයේ අතිරේක ලේකම්වරයා තමාට දැනුම් දුන් කරුණු පිළිබඳව ද මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර පැහැදිළි කළා.

මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවේදී සිදුවූ කටයුතු නිසා තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වූ බවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුම්දී ඇතැයි ද අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට නියෝගයක් ලබාදීමට මානව හිමිකම් කොමිසමට හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.

මාර්තු 9 මැතිවරණය ඉලක්ක කර ගනිමින් විදුලි කප්පාදුවක් පමණක් නොව ඉන්ධන පෝලිමක් නිර්මාණය කිරීමට ද ජනක රත්නායකට අවශ්‍යතාව පවතින බවට සැකයක් මතුවන බවටයි අමාත්‍යවරයා කියාසිටියේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හෙලිකොප්ටරයෙන් හෝ දුරකතනය නියෝජනය කරන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමේ සැලසුමක් පවතින බවට ද කංචන විජේසේකර හෙළි කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30