නව වසරට කේක් කිරිබත් කන්න බැරිවෙයි (වීඩියෝ)

රෝම ලන්දේසි කැලැන්ඩරයට අනුව නව වසර එළැඹීමට ඉතිරිව ඇත්තේ තවත් දින 03 ක් පමණයි.

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ වැසියන්ද කොතෙකුත් ආර්ථික ගැටළුවලින් හෙම්බත්ව සිටිය ද නව වසර පිළිගැනීමට සැරසෙන්නේ නැවුම් බලාපොරොත්තු සමඟින්.

සිංහල – හින්දු අලුත් අවුරුදු මේසයේ මුල්තැන හෙළ රස කැවිලිවලට ලැබෙන්නා සේම, ජනවාරි පළමු වැනිදා මේසයේ කැපී පෙනෙන රස කැවිල්ලක් වන්නේ කේක්.

නමුත්, මේ වසරේ කේක් අලෙවිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ජනතාව 2024 නව වසරට පා තබන්නේ VAT බදු සංශෝධනය හරහා වැඩි වන ජීවන බරට කර ගැනීමේ අභියෝගය ද පෙරදැරි කරගෙනයි.

නව වසරට කිරි බතක්, ලුණු මිරිසක් සහිතව කෑම මේසයක් සකසා ගැනීමද අර්බුදයක් වී ඇති ජනතාවක් සිටින රටක, ඔවුන්ගේ හෙට දවස ඉදිරියේ පැනවෙන බදු බරත් සමගින් ජීවන සටන තීරණාත්මක වන්නේ වැටුප් හෝ ආදායම් ඉහළ නොගොස් ඇති පසුබිමකයි.

කැකුළු සහල් කිලෝවක් රුපියල් 200කට ආසන්න මුදලක් වෙද්දී, ලොකු ළුෑණු ග්‍රෑම් 500ක් මිලට ගත්තත් රුපියල් 250 කට වඩා වැයවන රටක, අනෙකුත් කළමනා සමග කිරි බතක් සමග කෑම මේසයක් සකසා ගැනීම මේ වනවිටත් බරපතල අර්බුදයක් බවට පත්වී අවසන්.

මෙවන් පසුබිමක මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්ව ඇත්තේ නත්තල් උත්සව සමයේදී කේක් අලෙවිය 75%කින් පමණ අඩුවීමත් සමගයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ කේක් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය බිත්තර ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාවයක්ද පසුගිය සමයේ පැවති බවයි.

උත්සව සමයම ඉලක්ක කරගෙන මෙරට කළු කඩ මිල ඉහළ දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, එයට ඍජුවම ඉලක්ක වූයේ උත්සව සමයේ ඉල්ලුම වැඩිවන කුකුළු මස් සහ බිත්තරයි.

දේශීය බිත්තරයක මිල රුපියල් 70 ක් දක්වා ඉහළ නගිද්දී, එය පාලනයට නැවත ඉන්දියාවෙන් වැඩි වැඩියෙන් බිත්තර තොග ඇණවුම් කිරීමටත් සිදුවුණා.

කෙසේ වෙතත්, එම බිත්තර තොග වෙළෙඳපොලට නිදහස් කිරීමත් සමඟ අසාධාරණ ලෙස ඉහළ දමා තිබූ බිත්තර මිල යම් තරමකට පාලනය වුණද, රුපියල් 35ට අලෙවි කෙරුණු බිත්තර සිය කේක් නිෂ්පාදන සඳහා ලබාගත නොහැකි වූ බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ.

එවන් පසුබිමක නව වසර පිළිගැනීමට සූදානම් වන ජනතාවගේ, කේක් සඳහා පවතින ඉල්ලුම කෙසේද යන්න සම්බන්ධයෙන් දසත නිවුස් අප සොයා බැලීමක් කළා.

මේ අතර, ලංකා සතොස මගින් ඊයේ දිනයේදී භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ වනවා.

ඒ, ඔවුන් පැවසූ ආකාරයට භාණ්ඩ වර්ග 06ක මිල පහත දැමීමට කටයුතු කර බවට වූ සටහනේ තිබූ භාණ්ඩ වර්ග 03කම මිල අඩු කර තිබුණේ රුපියලකින් පමණක් වීම හේතුවෙන්.

රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල එලෙස රුපියල බැගින් අඩු කර තිබූ අතර, අර්තාපල් සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 05 බැගින් අඩු කර තිබුණා.

යම් තරමකින් හෝ පොදු ජනතාවගේ පොකැට්ටුවට දැනෙන තරමේ මිල අඩු කිරීමක් සටහන් වී තිබුණේ ටින් මාළු ග්‍රෑම් 425 අසුරණයක පමණයි.

එහි මිල රුපියල් 55කින් අඩු කිරීමටයි ලංකා සතොස පියවර ගෙන තිබුණේ.

තත්ත්වය මෙසේ පවතිද්දී 2030 වසරේදී මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන්නේ යැයි පුරසාරම් දොඩන දේශපාලනඥයින්ගේ සුරංගනා කතා අතරේ ආර්ථික අර්බුදයෙන් බැට කමින් එදිනෙදා දිවි පෙවත සරි කර ගන්නා මෙරට ජනතාවට 2024 වසරේ සුබ සිහින ගැන කවර කතාද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08