spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

14 හැවිරිදි සිසුවා ක්‍රිකට් පිත්තකින් පහර දී 13 හැවිරිදි සිසුවාව ඝාතනය කරලා

ක්‍රිකට් පිත්තකින් පහර දී 14 හැවිරිදි පාසල් සිසුවෙක් 13 හැවිරිදි පාසල් සිසුවෙකුව ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය, මොන්ටක්‍රිස්ටො ප්‍රදේශයේ පදිංචිව සිටි ස්ටෑන්ලි ස්ටෙපික් නැමැති සිසුවෙක්.

පසුගිය 23 වනදා මෙම සිසුන් දෙදෙනා මොන්ටක්‍රිස්ටෝ ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් ක්‍රීඩාකර පස්වරුවේ යළි නිවෙස් වෙත යාමට පිටත්ව තිබෙනවා.

එහිදී 14 හැවිරිදි සිසුවා ස්ටෑන්ලි නැමැති සිසුවාගේ ක්‍රිකට් පිත්ත වතුර පිරුණු ස්ථානයක ඔබා ඇති අතර, එම අවස්ථාවේ දී ස්ටැන්ලි නැමැති සිසුවා එම සිසුවාට බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට කෝපයට පත් 14 හැවිරිදි සිසුවා ඔහුගේ ක්‍රිකට් පිත්තෙන් ස්ටැන්ලි නැමැති සිසුවාගේ හිසට පහර දී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ 13 හැවිරිදි ස්ටැන්ලි නැමැති සිසුවා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා පෙරේදා (29) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහරදීම සිදුකළ 14 හැවිරිදි සිසුවා නාවලපිටිය පොලිස් අතර, ඔහුව නාවලපිටිය මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 06 වනදා දක්වා ළමා නිවාසයක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?