නව රජුගේ රාජාභිෂේකය අදයි

බ්‍රිතාන්‍ය චාල්ස් කුමරු අද (06) දිනයේ තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ගැන්වීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය නව රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී පැවැත්වෙන අතර, මෙහිදී කැමිලා කුමරිය ද රජ මෙහෙසිය ලෙස අද දිනයේ ඔටුණු පැළඳීමට නියමිතයි.

එමෙන්ම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී කිරුළු පළදින 40 වැනි අධිරාජ්‍යයා ලෙස චාල්ස් කුමරු ඉතිහාසයට එක්වනවා.

මේ අතර, මේරි රැජිණගේ ඔටුන්න චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳීම සඳහා භාවිතයට ගැනීමට බකිංහැමි මාලිගය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඔටුන්නට දෙවන එළිසබෙත් රැජිණගේ ආභරණවල දියමන්ති ද එක්කර යාවත්කාලින කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 70 කට පසු සිදුකරන පළමු රාජාභිෂේකය ද මෙය වන අතර, චාල්ස් කුමරුගේ මෙම රාජාභිෂේකයට ලොව පුරා සිටින ආරාධිතයිත් රැසක් ඇරයුම් ලබා ඇති අතර, ඒ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් විශේෂයි.

පැය දෙකකට ආසන්න කාලයක් පවතින රාජාභිෂේක උත්සවය වෙනුවෙන් අමුත්තන් 2,300ක් එක්වීමට නියමිත බව BBC පුවත් සේවය වාර්තා කළා.

රජ පවුල වෙනුවෙන් සියලුම සාමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගීවන බවට තොරතුරැ වාර්තා වන අතර, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාකල් කුමරිය පමණක් මෙම අවස්ථාවට එක්‌ නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජාභිෂේක උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ආරක්ෂාව ද තරකර ඇති අතර, රාජාභිෂේක උත්සවයේ ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයින් 11,500ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එරට කාලගුණ අංශ නිකුත් කර ඇති වර්ෂාව පිළිබඳ අනාවැකි ද නොතකා, බ්‍රිතාන්‍ය නව රජු දේවස්ථානය වෙත ගමන් ගන්නා පෙරහැර මාර්ගයට දැනටමත් සෙනඟ එක්රැස් වීමට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?