UPDATE:නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා.

අද (12) පෙරවරුවේ මෙතෙක් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීමත් සමගයි පුරප්පාඩු වූ එම තනතුරට මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කර ඇත්තේ.

පසුගියදා අනුරාධපුර අධිකරණයෙන් දඬුවම් නියම සිරගත කර සිටි සිරකරුවෙකු ජනපති පොදු සමාව යටතේ අනීතිකව මුදා හැරීමේ සිදුවීමෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙවන් තත්ත්වයක් මතයි ගාමිණී බී. දිසානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා වෙත යොමු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?